歌詞Mathakada Handawe

Ruwan Hettiarachchi

最終更新日:: 2019年9月24日

අහසේ තරු කැන් නිවිලා දුකකින් වගේ අඳුරේ හෑඬුවා රහසේ තනිකම ඉහිලුම් නොදේ

ගිලුනා හද මා අඳුරේ ඔබ පෙරදා ආදරෙන් මා ලගින් උන් හැටී එහි සැමරුම් රූ තමයි ජීවිතේ මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා... තනිකම් දැනුනත් හිතට මතකය නැහැ නික්මිලා මනරම් හැඟුම් දහස සොඳුරේ ඔබමය සැමදා ඔබ පෙරදා ආදරෙන් මා ලගින් උන් හැටී එහි සැමරුම් රූ තමයි ජීවිතේ... මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා... සුසුමේ වෙලී උණුසුම් වෙවී වස්සානයේ අප ළං වූ හැටී හිරිමල් හිතේ හීනයක් වගේ හීනයක්ද ගීතයක්ද මේ ජීවිතේ ඔබ පෙරදා ආදරෙන් මා ලගින් උන් හැටී එහි සැමරුම් රූ තමයි ජීවිතේ... මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා මතකද හැන්දෑවේ අපි දෙන්නා මන්දාරම් අඳුරේ දවසක් දා මල් වැස්සේ තෙමුනා...

  • 0

最新の活動

同期者:Upeksha Indrachapa
翻訳者:Shehan Sanjula

あなたのコンピューターのSpotifyと
Apple MusicでMusixmatchが現在利用可能になりました。

今すぐダウンロード